නාඋල -කණුමුලයාය ප්‍රදේශයේ නිවසක් බිද රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් 60000ක මුදලක් සොරාගෙන ඇති බවට වාර්තා වේ.
මෙම සොරකම ඊයේ (24) දහවල් කාලයේ සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබී ඇති සී සී ටී වී දර්ශන ඔස්සේ, නාඋල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවට සදහන්.














































