පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම යටතේ ටික්ටොක් සමාජ මාධ්‍ය තරුවක් සහ ඇයගේ මව වැරදිකරුවන් වී ඇති බව වාර්තා වේ.
24 හැවිරිදි මහෙක් බුහාරි සහ 46 හැවිරිදි ඇගේ මව මෙසේ වැරදිකරුවන් වී ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
ඔවුන් පැදවූ රථය මාර්ගයෙන් ඉවතට පැන තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්කිරීම හේතුවෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණි.
මෙම අනතුර 2022 පෙබරවාරි මාසයේදී සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ ඝාතනය වී ඇත්තේ 21 හැවිරිදි සකීබ් හුසේන් සහ හෂීම් ඉජාසුදීන් යන තරුණයින් දෙදෙනෙකි.
අනතුරට පෙර හුසේන් විසින් බුහාරි සමඟ තිබූ අනියම් සම්බන්ධය හෙළිකරන බවට තර්ජනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.















































