වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් විසින් සංකේත වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සිය ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද එයට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙලෙස සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව සඳහන්.














































