කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙණිය ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වේ.
අද (08) පෙරවරු 4.30ට පමණ එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය එක් මාර්ගයකට පමණක් සීමාවී ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.














































