අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා පිටත් වන දුම්රිය ඊයේ (21) රත්‍රියේ සිදු වූ පීලි පැනීමක් හේතුවෙන් අද (22) උදෑසන ධාවනය නොවූ බවත් ඒ සදහා වෙනත් දුම්රියක් යෙදවීමට නොහැකි වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වාර්තා කරයි.එමෙන්ම ඔවුන් සදහන් කර ඇත්තේ පාදුක්කේ සිට වග දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගත් බවයි.














































