මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබු සාගරිකා දුම්රිය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.
දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත ඇතුළත් කිරීමේ දී එම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව සඳහන්.
කෙසේ වුවද අදාළ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවට දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.














































