රත්නපුර , වැලිගෙපොල පොලිස් ස්ථානාධිපතිවරයා සාර්ථක ලෙස කසිප්පු වැටලීම් කරන නිසා දිස්ත්‍රික්කයේ දේශපාලඥවරියක විසින් ස්ථානමාරුකර යවන ලෙස පොලිස් මූලස්ථානයට දැනුම් දී ඇතැයි ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරයි.
වාර්තාවන ආකාරයට ගොඩකවෙල සහ වැලිගෙපොල පොලිස් ස්ථානවලට අයත් මායිමේ පොහොට්ටු පක්ෂයට අයත් ප්‍රාදේශීය දේශපාලන පොඩ්ඩෙකුගෙ කණ්ඩායමක් යහමින් කසිප්පු පෙරීම සහ වෙළඳාමේ නිරත වේ. පළාතටම කසිප්පු බෙදාහරින්නේ ඔහු ඇතුලු කණ්ඩායම බවද ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මෙම ස්ථානයේ වැටලීම් කිරීමට වැලිගෙපොල පොලිස් ස්ථානාධිපතිවරයා දිගින් දිගටම කටයුතු කර තිබේ.
ඉන් උරණ වූ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයා දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට මේ බව දන්වා තිබේ. කෙසේ නමුත් මන්ත්‍රීවරියට සත්‍ය තොරතුර ලබා දී නැති බවට අපට ලැබෙන තොරතුරුවලින් සනාත වේ. කෙසේ නමුත් මෙහි සත්‍ය සොයා නොබලා මෙම ස්ථානාධිපතිවරයා මාරු කර හරින ලෙස අදාළ මන්ත්‍රීවරිය පොලිස්පතිට දන්වා ඇති බවද කිය වේ.
මේ පිළිබඳව ප්‍රදේශයේ සාමකාමී ජනතාව සහ හිමිවරු දැඩි අප්‍රසාදය පලකරන අතර ඊට විරෝධය පා වැලිගෙපොල ජනතාව උද්ඝෝෂණයකටද සූදානම් වන බව අපගේ වාර්තාකරුවන් සඳහන් කරයි.
කෙසේ නමුත් රට වැනසූ දේශපාලන නායකයන්, ඔවුන් එසේ කරන බව දැන දැනම ඔවුන්ට බලය ලබා දීම මහජනතාව ලබන සුවිශේෂී ජයග්‍රහනයකි. මෙවැනි සිද්ධීන්වල වරද දේශපාලඥන්ගේ නොවේ. ඔවුන්ට බලය දී , ඔවුන්ගෙන්ම යැපෙන මහජනතාවගේය.
එසේම දේශපාලන වුවමනාවන් වලට අනුව පොලිස්පතිවරයා මොහුව මාරු කරන්නේ නම් එයද පොලිස්පතිවරයා විසින් කරනු ලබන වරදකි.