තරුණ කථිකාචාර්යවරුන් මේ වන විට රට හැර යාමේ ප්‍රවණතාවයක් පවතින බැවින් උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමේ ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි සභාපති මහාචාර්ය හරණ ජයවර්ධන මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.













































