දඹගොල්ල වැවේ ප්‍රතිසංස්කරණය කිරිමේ නිරතව සිටි සේවකයන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් බර වාහන ක්‍රියාකරැවෙකු අද (05) ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ වැලිගොල්ල,ගෙලිඹය ප්‍රදේශයේ පදිංචිව සිටි අබේසිංහ මුදියන්සේලාගේ ජනක දර්ශණප්‍රිය නැමති 43 හැවිරිදි බරවාහන ක්‍රියාකරැවෙකි.
දඹගොල්ලවැවේ ප්‍රතිසංස්කරණය කිරිමේ නිරතවු පුද්ගලික කොන්ත්‍රාත් ආයතනයක කම්කරැවන් 11 දෙනෙකු මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර එම බඹර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබු පුද්ගලයන් සිවු දෙනෙකු කහටගස්දගලිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව ඉන් දැඩි ලෙස රෝගාතුරව සිටි පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ .
මරණකරු දියවැඩියා රෝගියෙකු බවද සදහන් .
පොලීසිය සැක පල කරන්නේ වැව ප්‍රතිසංස්කරණය කරමින් සිටියදි බරවාහනයක් වැව් පිටියේ තිබු ගසක ගැටිමෙන් එහි තිබු බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම බඹර ප්‍රහාරය සිදුවන්නට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි .














































