වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැල්ලවාය ප්‍රදේශයේ සිඳු කළ වැටලීමකින් හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අතරේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් සිටින බව වාර්තා වේ.
එම සිසුවා සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන් සන්තකයේ තිබී ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 305ක් සොයා ගත් බව සඳහන්.
සැකකරුවන් තිදෙනා මාතර , වෙහෙරයාය සහ බලහරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.














































