ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලය පිටුපස ඇති මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් තිබෙන බවට වාර්තා වේ.
පසුව ප්‍රදේශවාසින් විසින් සිසුවා බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවත් මෙලෙස මියගොස් ඇත්තේ ඔළුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් හදුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරන බවට වාර්තා වේ.














































