3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරියෙක් වන ඉන්දික සෙනරත් කීර්තිරත්න පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබීමට සූදානම් වන බව වාර්තා වේ.
ඔහු ඊයේ (07) පාගමන ආරම්භ කර ඇති අතර දින 12 ක් තුළ කිලෝමීටර් 578 ක දුරක් ගමන් කර ගිනස් වාර්තාව අවසන් කිරීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රණවිරු ඉන්දික සෙනරත් ,
“ ඉස්සර දවසක මේ පුංචි රටේ උතුර දකුණ යා වෙලා තිබුණා . ඒ සඳහා මාර්ගය සකස් කරලා දුන්නු ශ්‍රේෂ්ඨ පිරිසක් අද ජීවතුන් අතර නැහැ. මං මේ කටයුත්ත ආරම්භ කරන්නේ ඒ අයට කළගුණ සලකන්නයි. “














































