නාවික හමුදාව සහ ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය විසින් ඊයේ (14) දින අනුරාධපුරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ප්‍රෙගබලින් මිලිග්‍රෑම් 150 වර්ගයේ කරල් 11,377ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
ප්‍රෙගබලින් ඖෂධය අපස්මාරය සහ කාංසාව සඳහා ප්‍රතිකාර කිරීමටත් , ස්නායු වේදනාවට ප්‍රතිකාර කිරීමටත් යොදා ගනු ලැබේ.
මැදවච්චිය ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට ඔසුසැලක් සැකපිට පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට තිබූ මෙම කරල් තොගය සොයාගෙන ඇති බව සඳහන් .
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු සහ ප්‍රෙගබලින් කරල් 11,377ක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය වෙත භාර දීමට කටයුතු කර තිබේ.














































