අක්ෂි රෝගවලින් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙසට සෞඛ්‍ය නිලධාරීන් මහජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අක්ෂි රෝගය මේ වනවිට දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ප්‍රකාශ කර තිබේ.
අක්ෂි රෝගයේ රෝග ලක්ෂණ වන්නේ, ඇස් රතු වීම, ඇහි බැම කැඩීම සහ ඉදිමීමයි. ළමුන් අතර බහුලව පැතිර යන මෙම රෝගය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට වෛද්‍ය බන්දුතිලක මහතා මහජනතාවට දැනුම් දී තිබේ.
අක්ෂි රෝගය කායික සම්බන්ධතා හරහා පැතිරෙන බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
මිනිසුන් අනවශ්‍ය ලෙස දෑස් ඇල්ලීමෙන් වැලකී දෑස් ස්පර්ශ කිරීමට පෙර දෑත් පිරිසිදුව තබා ගතහොත් එය පහසුවෙන් වළක්වා ගත හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.














































