වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් සිරුරේ පැවැත්මට අවශ්‍ය බැක්ටීරියා මිය යා හැකි අතර, ශරීරය තුළ ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණය විය හැකි බවට රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් සමාජය පුරා පැතිර යන රෝගවලින් වසර 50කින් පමණ සියලු දෙනාම මරණයට පත් විය හැකි බවට වෛද්‍යවරයා සඳහන් කර තිබේ.
නොවැම්බර් 18 සිට 24 දක්වා පැවැත්වෙන ‘ලෝක ප්‍රතිජීවක දැනුවත් කිරීමේ සතිය’ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ලොව ප්‍රතිජීවක විශේෂඥයින් විසින් පර්යේෂණ මඟින් මෙය සොයාගෙන ඇති බවයි.
ප‍්‍රතිජීවක ඖෂධ මඟින් බැක්ටීරියාවන් දුර්වල කර විනාශ කරන අතර, අධික වුවහොත් හිතකර බැක්ටීරියා ද විනාශ වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
අවශ්‍ය අවස්ථාවලදී හැර අනවශ්‍ය ලෙස දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා නොදෙන ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
ප්‍රතිජීවක ඖෂධ භාවිතා කළ යුත්තේ බැක්ටීරියා ආසාදනවලදී අවශ්‍ය නම් පමණක් වන අතර අදාළ පුද්ගලයාගේ වයස සහ බර ඇතුළු බොහෝ සාධක සැලකිල්ලට ගනිමින් වෛද්‍යවරුන් මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.













































