තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
අද (03) පෙරවරු 09.30 සිට හෙට පෙරවරු 09.30 තෙක් එම නිවේදනය වලංගු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්නැයි දැනුම් දී තිබේ.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මීට අමතරව පුත්තලම සිය කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකි බව ද සඳහන්.
එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
 
	    	



























 
		    

















