මැදවච්චිය , කඩවත්ගම මහ විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (27) පස්වරු 1.30 ට පමණ පාසල් නිමවී ආපසු නිවසට යමින් සිටින අතරතුරේදී පාසල් භූමියේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එම සිසුන් පිරිසට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ .
සිසුන් 16 දෙනෙකු මෙම අනතුරට මුහුණ පා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මැදවච්චිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ .
අනතුරුව එක් සිසුවෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .