පසුගිය 18 වැනිදා සිදු වූ පවුල් ආරවුලක් හේතුවෙන් බිරිද විසින් තම සැමියාට ගිනි තබා තිබේ. අනතුරින් තුවාල ලැබූ සැමියා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය මොල්පේ , මොරටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් වන අතර මරණකරු 54 හැවිරිදි අයෙකි .














































