පස්යාල මීරිගම මාර්ගයේ කල්එළිය ප්‍රදේශයේදී අද (08) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙන බවට වාර්තා වේ.
මාර්ගයේ ගමන් කළ දොඹකරයක් සහිත රථයක (බූම් ට්‍රක්) තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් සිදු වූ එම අනතුරින් ත්‍රීරෝද රථ, යතුරුපැදි ආදී වාහන 10කට හානි මෙන්ම පුද්ගලයින් තිදෙනෙකුට සුළු තුවාල වී රෝහල්ගත කර තිබේ.














































