පෑලියගොඩ ,දුටුගැමුණු මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සන්තකයේ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (23) දහවල් කාලයේදී මෙම වැටලීම සිදු කර ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අදාළ සැකකාරිය අද (24) කොළඹ 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ පෑලියගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.














































