ඊයේ (29) රාත්‍රියේ අයගම , ඉන්නකන්ද ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වාර්තා වන ආකාරයට පහරදීමක් හේතුවෙන් කාන්තාවක් බිම ඇද වැටී සිටින බවට අයගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් තුවාලකාරිය අයගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 45 හැවිරිදි ඉන්නකන්ද, අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමිපුරුෂයා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .














































