මනම්පිටිය ප්‍රදේශයේ දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් කාන්තාවක් තුවාල ලැබූ බවට වාර්තා වේ.
අද සවස නිවසේ සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක් වූ 67 හැවිරිදි සිව්දරු මවක් සහ ඇගේ ලේලිය ප්‍රදේශවාසින් විසින් මනම්පිටිය රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී බරපතළ තත්වයේ සිටි කාන්තාව මියගොස් ඇති බවට වාර්තා වේ.














































