යුක්තිය මෙහෙයුමට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී තහනම් මත්කරල් ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (22) වැල්ලම්පිටිය පොලිස් වසමේ, අංක 31/B, පුවත්ගහවත්ත, පළවෙනි පටුමඟ, කොළොන්නාව යන ලිපිනයේ වැටලීමක් සිදුකර තිබිණි.
එහිදී වෛද්‍ය නිර්දේශ නොමැතිව තහනම් මත්කරල් 89ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි අවුරුදු 61ක් වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇති බව සදහන්.














































