යාපනය , කන්කසන්තුරේ ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 54 ක් සමඟ තරුණයෙකු ඊයේ (07) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙම කේරළ ගංජා තොගය යාපනයේ සිට කිලිනොච්චිය වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ බව සඳහන් .
සැකකරු කිලිනොච්චිය , ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් වන අතර මෙම සැකකරුට තවත් තරුණයින් දෙදෙනෙකුගේ සහයෝගය ලැබී තිබේ. නාවික හමුදා නිලධාරීන් සෝදිසි මෙහෙයුම් කරමින් ඉදිරියට පැමිණෙන විට එම තරුණයින් දෙදෙනා පලා ගිය බව වාර්තා වේ .
පලා ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහාත් , අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් කටයුතු කරන බව සඳහන් .
එමෙන්ම සැකකරු සන්තකයේ තිබූ කේරළ ගංජා තොගය කන්කසන්තුරේ පොලිසිය වෙත භාර දී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරනු ලබයි .














































