හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල උක්වත්ත සුසාන භූමිය ඉදිරිපිටදී තමන් පැමිණි බස් රථයටම යට වීමෙන් 23 හැවිරිදි තරැණියක අද (25) දින සවස මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මිය ගිය තරුණිය අවිස්සාවේල්ලේ සිට අදාල බස් රථයේ පැමිණ උක්වත්ත සුසාන භූමිය අසලින් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි එම බස් රථයටම යට වීමෙන් මියගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රගතිපුර පදිංචිකාරියක වන දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති 23 හැවිරිදි තරැණියකි.
මියගිය තරැණියගේ දේහය අවිස්සාවේල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දින පැවැත්වීමට නියමිත වේ.
අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි .
(ලංකාදීප)














































