තම දියණියට දරුඵල නොමැති වීම හේතුවෙන් සිංහල බෙහෙත් සහ දේවාල කටයුතු සඳහා පවත්වාගෙන යන ස්ථානයකට ගොස් ඇති අතර එහිදී ලබා දුන් විරේක බෙහෙතක් හේතුවෙන් ඇති වූ ක්ලාන්ත තත්ත්වයකින් පසු තරුණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තම දියණියට දරුඵල නොමැති වීමෙන් අදාළ මව සහ දියණිය ගිරිතලේ ප්‍රදේශයේ පිහිටා ඇති සිංහල බෙහෙත් සහ දේවාල කටයුතු පවත්වාගෙන යනු ලබන ස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් තිබේ. එම අවස්ථාවේ දී එහි සිටි වෙඳදුරු කාන්තාවක් විසින් නියම කරන ලද බෙහෙත් වට්ටෝරුවකට අදාළව විරේක බෙහෙතක් දින තුනක සිට අදාළ තරුණිය පානය කර තිබේ. මෙලෙස විරේක බෙහෙත් පානය කිරීමෙන් අනතුරුව ඇති වූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් තරුණිය ජයන්තිපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ. එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ තරුණිය ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් වේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දියකැපිල්ල , සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය පොළොන්නරුව මහා රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.














































