ඊයේ (09) දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ වැටලීමක දී රුපියල් ලක්ෂ 13 ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු සහ මුද්‍රණ යන්ත්‍රයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම මුද්‍රණ යන්ත්‍රය යාපනය රෝහල් වීදිය ප්‍රදේශයේ කාන්තා නේවාසිකාගාරයක් තුළ තිබී වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් වීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.
මෙම සැකකරු පසුගියදා පලෙයි ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ඥාතියෙකු බවත් , එළඹෙන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළ බවත් , සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු යාපනය පොලිසිය මගින් සිදු කරන බවත් වාර්තා වේ.














































