රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කර අදාළ ඉඩම් බඩඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබා දීමට මහවැලි අධිකාරිය ගත් තීරණයට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (02) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී. අනතුරුව අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 08 වන දින කැඳවන ලෙසට විනිසුරු මඩුල්ල විසින් නියෝග කළ බව වාර්තා වේ.














































