ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන සංචිතය නම්කර ඇති බව වාර්තා වේ.
15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් ඇතුළත් නොවීම විශේෂත්වයකි.
මේ අතර මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්කර ඇති බව සදහන්.
ඔවුන් වන්නේ කරීම් ජනත්, ෂරෆුදීන් අෂ්රෆ් සහ සුලෙයිමාන් සාෆි යන ක්‍රීඩකයින්ය.
ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන සංචිතය පහතින්,
හෂ්මතුල්ලා ෂාහිඩි (නායක)
රහ්මානුල්ලා ගුර්බාස්
ඊබ්‍රාහිම් සද්‍රාන්
රියාස් හසන්
රහමත් ෂා
නජිබුල්ලා සද්‍රාන්
මොහොමඩ් නබි
ඉක්‍රම් අලිඛිල්
අස්මතුල්ලා ඔමර්සායි
රෂීඩ් ඛාන්
මුජීබ් උර් රහුමාන්
නූර් අහමඩ්
ෆසාල්හක් ෆාරුකි
අබ්දුල් රහුමාන්
නවීන් උල් හක්













































