පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කළ බව වාර්තා වේ.
ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි , අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩු භාණ්ඩ භාරකාරිණීය ඇතුලු අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ.
මෙලෙස විනාශ කර තිබෙන්නේ කඩු 1000ක්, කිනිසි, උල් ආයුධ, බොම්බ් කොටස්, තුවක්කු 08ක් සහ කල් කටස් වර්ගයේ ගිනි අවි 10කි.
වාර්තා වන ආකාරයට අධිකරණ කාර්‍ය මණ්ඩලය නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් සමඟ පිටත්ව එම අවි ආයුධ තොගය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් අදාළ ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර තිබේ.














































