මෙරට ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේ දී 13%කින් වැඩි වී ඇතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට තදින් බලපාන බැවින් ඒ සම්බන්ධව ඇහැක් ඇර බලන්නැයි ඉල්ලා සිටින බවද වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.
“අපි අයවැය බජට් ඔෆිස් ගැන කතා කරමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් ඒඩ්ස් වැඩි වෙලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































