ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර් බස් A320 NEO කාණ්ඩයට අයත් ගුවන් යානා පහක් , ගුවන් යානා අමතර කොටස් හිඟය හේතුවෙන් නවතා දමා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ ලොව පුරා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුකොටගෙන අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන බවත් , මෙම අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම සැපයුම්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවත් ය.
එමෙන්ම මෙම ගුවන් යානා නවතා දමා ඇත්තේ මූල්‍යමය අර්බුදයක් හේතුවෙන් නොව අමතර කොටස් සපයා ගැනීමේ අපහසුතාව නිසා බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.