මත්තල , රත්මලාන , යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපොළ හතරෙහි පසුගිය වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 2345 කට අධික බව විගණන වාර්තා වලින් හෙළිව තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව මත්තල ගුවන් තොටුපොළ ආරම්භ කළ 2017 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281 ක් බවත් , 2018 වර්ෂයේ ආරම්භ කළ මඩකලපුව ගුවන් තොටුපොළින් මේ වන තෙක් කිසිදු ලාබයක් ලබා නොමැති බවත් , එහි පාඩුව රුපියල් කෝටි 8.7 ක් බවත් එම වාර්තාවේ සඳහන් කර තිබේ .













































