කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමාව ස්ථාන මාරු කර යැවීම සම්බන්ධයෙන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (17) ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව අදාළ පෙත්සම අගෝස්තු මස 3 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ .
එමෙන්ම මෙම පෙත්සමට අදාළව විරෝධතා ගොනු කර තිබෙන බව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය අධිකරණය වෙත දැන්වූ බව සඳහන් වේ.
තවද මෙම විරෝධතා අධ්‍යනය කර ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ දන්වා සිටි අතර ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා කැදවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.













































