ඊයේ (28) පැවති කැබිනට් සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළඹෙන පාර්ලිමේන්තු සතිය තුළ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු සභාවාර සඳහා පැමිණිය යුතු බවටත් , සැප්තැම්බර් මස 5,6,7 සහ 8 යන දිනයන්වල සියලු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිය යුතු බවටත් , විදෙස් ගමන්වලින් වළකින ලෙසටත් දැනුම් දී තිබෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් මෙලෙස මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්වල විවාදයට ගැනීමට නියමිතව ඇති බැවින් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයේ පිරිසක් සූදානම් වන බවට ලද තොරතුරු මතයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට දින තුනක කාලයක් ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලීමක් සිදුකළ අතර ඊට ආණ්ඩු පක්ෂයේ එකඟතාව පළ කර තිබේ.