ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා අද (16) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව,
ආබාධිතවූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වාත් , ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වාත් , උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වාත් , නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වාත් , නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වාත් , වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය රුපියල් ලක්ෂය දක්වාත් ඉහළ දමා ඇති බව සඳහන් .














































