ඇඹිලිපිටිය ,වලව ගොවි ජනතාව ජලය ඉල්ලා ඉල්ලීම් කරනු ලැබුවේ මීට සති ගණනාවකට පෙර සිටය.ඒ අනුව පසුගිය සදුදා දින සමනල වැවෙන් ජලය මුදා හැර ඔවුන්ගේ ජල අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලදි.
එසේ නමුත් ජලය ලැබෙමින් පැවතුණත් තවමත් ගොවි ජනතාවට අවශ්‍ය ජලය නිසියාකාරයෙන් නොලැබෙන බවට ගොවියන් ප්‍රකාශ කරයි.
එසේ ම මේ වන විට බොහෝ කුඹුරු පුරන් වෙමින් පවතින බවට අපට තොරතුරු ලැබී තිබේ.
නමුත් ඔවුන් ජලය ඉල්ලා සිටි මුල් අවධියේම ජලය ලබා දුන්නේ නම් සියලු කුඹුරු රැක ගැනිමට හැකියාව තිබුණු බවද ඔවුන් පෙන්වා දෙති.
කෙසේ නමුත් පවතින දැඩි නියගය හේතුවෙන් ජලය ලැබුණත් ඒවා නිසියාකාරයෙන් කලමනාකරණය කර ගැනීමට නොහැකිව තිබේ.














































