අනුරාධපුර ගුවන් හමුදා කදවූරට අනියුක්තව සේවය කල ගුවන් හමුදා සාමාජිකයෙක් සතිඅන්ත නිවාඩුව ගොස් සිටියදී ඊයේ රාත්‍රියේ ආහාර ගැනීමෙන් පසු මිතුරකු හමුවී එන්නම් කියා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව මියගොස් තිබේ.
මළ සිරුර ගලෙන්බිදුනුවැව ගිරිගොරිස් පාලම අසල ගසක එල්ලී තිබී හමුව තිබේ.
මිය ගිය පුද්ගලයා ගලෙන්බිදුනුවැව හුරුලු නිකවැව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු පියෙකි.
සැමියා නිවසට නොපැමිණීම සම්බන්දව බිරිද විසින් පොලිසියට දැනුම් දීමෙන් පසු මෙම මළසිරුර සොයාගෙන තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මරණ පරීක්ෂණය සදහා දේහය අනුරාධර රෝහලට ගෙනගොස් තිබේ.














































