කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරික්ෂාකරන නිලධාරියකු විදේශ ගතවීමට පැමිණි කාන්තවකගේ රන්මාලයක් හා පෙන්ඩනයක් සොරකම් කිරීමේ සිද්ධියකට එම නිලධාරියා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
සැකකරු 29 හැවිරිදි හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සොරාගත් රන්මාලය උකස් ආයතනයකට අලෙවි කිරීමෙන් පසු උණුකර තිබියදී සොයාගෙන ඇති අතර පෙන්ඩනයක් සහ තවත් කාන්තාවකගේ බෑගයකින් සොරාගත් මුදු තුනක් ජුවලරි ආයතනයකට උකස් කර තිබියදී සොයාගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ පොලීසිය විසින් සිදු කරනු ලබයි .














































