නවගමුව පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර හේතුවෙන් ලෝ ලෙවල් මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
නවගමුව පත්තිනි දේවාලයේ රන්දෝලි පෙරහැර 02 වනදා රාත්‍රී 7 සිට අළුයම 1.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර 03 වනදා උදෑසන 9 සිට දහවල් 2 දක්වා දිය කපන පෙරහැර ගමන් කරනු ඇත.
මේ හේතුවෙන් එම කාලසීමාව තුළදී අවිස්සාවේල්ල කොළඹ පරණ පාර (ලෝ ලෙවල් මාර්ගය) වෙලේ හන්දියෙන් සහ රණාල හන්දියෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
මේ හේතුවෙන් කොළඹ සිට හංවැල්ල දෙසට ගමන්කරන රථවාහන කඩුවෙල වෙලේ හන්දියෙන් දකුණට හැරී වඳුරමුල්ල, ඔරුවල හන්දිය, හබරකඩ, ජය මාවත රණාල හන්දිය දක්වා ගමන්කළ හැක.
එසේම හංවැල්ල සිට කොළඹ දෙසට ගමන්කරන ලබන රථවාහන රණාල හන්දියෙන් වමට හැරී ජය මාවත, හබරකඩ, ඔරුවල හන්දිය, වඳුරමුල්ල වෙලේ හන්දිය දක්වා ගමන්කළ හැකි බව සදහන්.














































