මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේදී ඊයේ (02) දින පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කල බවට වාර්තා වේ.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයකු වන අතර මරණකරු තාවකාලිකව පදිංචි වී සිටි නිවසේ හිමිකරු සමග ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට පහර දී ඇති බවට අනාවරණය වේ.
සැකකරු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.














































