ඊයේ (31) රාත්‍රී කාලයේදී බදුල්ල පොලිස් වසමේ එගොඩවෙල ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයකුට හා කාන්තාවකට තුවාල සිදු කර ඇති බව වාර්තා වේ.
බදුල්ල පොලීසියට ලද තොරතුරක් මත මේ පිළිබඳ විමර්ශණයක් ආරම්භ කර තිබේ.
මරණකරු වයස අවුරුදු 43ක් වන දඹගහවත්ත ,ගල්කොටුවේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ,මරණකරුගේ සහෝදරයා සහ සහෝදරයාගේ බිරිඳ ආරවුල සමථයකට පත් කිරීමට උත්සාහ කිරීමේදී තුවාල සිදුව ඇති අතර තුවාලකරුවන් දෙදෙනා බදුල්ල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටී.
මෘතශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) දින සිදුකිරීමට නියමිත බව සදහන්.
සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ,අත්අඩංගුවට ගැනීම සදහා බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































