මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී කුමාර ගුණරත්න සතුව තිබූ භාණ්ඩ එසවීමේ යන්ත්‍රයක් සොරා ගත් විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමින් යුතු මෙම යන්ත්‍රය කොල්ලුපිටිය ඔහුගේ නිල නිවසේ තිබියදී මෙලෙස සොරා ගෙන ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මාස හයකට පමණ පෙර දී සොරකම් කළ මෙම යන්ත්‍රය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.