ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල පහරදීමකින් රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වේ.
අද (10) සවස කොස්වත්ත ප්‍රදේශයේදී මෙම පහරදීම සිදු වූ බවත් කඩුවෙල උප නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පහරදීමට පැමිණි බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසරේ මැයි 09 වනදා කඩුවෙල උප නගරාධිපතිවරයා බේරේ වැවට ඇද දැමීමට අදාළ විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට පළි ගැනීමක් වශයෙන් මෙම පහරදීම සිදුවී ඇතැයි ඔහු චෝදනා නගා තිබේ.
තුවාල ලැබූ ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පහරදීමෙන් අරගල ක්‍රියාකාරිකයාගේ මෝටර් රථයට ද දැඩි ලෙස හානි සිදු වී ඇතැයි සදහන්.














































