හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද (03) පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු විසින් පහරදී ඇති බව වාර්තා වේ.
මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයාට පහරදී ඇති බව සදහන්.
පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.














































