ඊයේ (27) ඇරවුවල , සමගි මාවත , පැලෑනවත්ත ප්‍රදේශයේ දී රැකියාව නිමවා නිවසට එමින් සිටි තරුණියකට මග රැකගෙන සිටි පුද්ගලයෙකු විසින් මන්න ප්‍රහාරයක් එල්ල කර ඇති අතර සිද්ධියෙන් තරුණිය තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අදාළ තරුණිය රැකියාව නිම කර නැවත නිවස කරා පැමිණෙමින් සිටිය දී සැකකරු විසින් මෙලෙස පහර දීම සිදු කර ඇති අතර ඇය මෙම සැකකරුගෙන් බේරී දිව යන අයුරු ඇතුළු සියලුම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබූ බව සඳහන් වේ.
මෙම පහර දීමට සම්බන්ධ සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි අයෙක් වන අතර තුවාල ලැබූ තරුණියගේ පියා සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බව වාර්තා වේ.පහර දීමෙන් තරුණියගේ හිසට තුවාල සිදුව ඇති අතර ඇය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
සැකකරු සිද්ධියෙන් අනතුරුව දුරකථන සංඥා කුළුණක නැඟී සිටිය දී පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ 19 හැවිරිදි තරුණියක් වන අතර සැකකරු 40 හැවිරිදි පුද්ගලයෙකි














































