ඊයේ (20) රාත්‍රී 7 ට පමණ යකඩ පොල්ලක් රැගෙන බීමත්ව නිරුවතින් පැමිණි පුද්ගලයෙකු හොරණ නගර සභාවේ හිටපු සභාපති විතානගේ සිරිසෝම මහතාගේ නිවසට අලාභහානි සිදුකර තිබෙන අතර ඉන් නගරාධිපතිවරයාගේ දියණියට සහ නැගෙණියට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
එම පහර දීමෙන් නිවසේ තිබු භාණ්ඩ කිහිපයකට සහ ගේට්ටුවට ද හානි සිදුව තිබේ. එමෙන්ම පහර දීමට පැමිණි පුද්ගලයා විසින් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා හට අමානුෂික ලෙස පහරදුන් බව නිවෙස්හිමියන් ප්‍රකාශ කර තිබේ.
වාර්තා වන ආකාරයට පහරදීමට පැමිණි පුද්ගලයාව හිටපු නගරාධිපතිවරයා විසින් නගර සභාවේ රැකියාවකට යොදවා ඇති අතර එහිදී ඇති වු සිද්ධියක් මුල් කරගනිමින් එයට පළිගැනීමක් ලෙස මෙලෙස හැසිරී තිබේ. අදාළ පුද්ගලයා නිරුවතින් මාර්ගයේ හැසිරෙන අයුරු ඒ අසල සිටි පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් පටිගත කර තිබූ බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් වහාම හොරණ පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුව අද (21) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.