රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අදාළව ලබා දුන් තොරතුරුවලට අනුව වසරක කාල පරාසයක් තුළ සාමාන්‍ය වෛද්‍යවරුන් 850 දෙනෙකු සෞඛ්‍ය පද්ධතියට අහිමි වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය වසරේ ජුනි මස පළමුවැනිදා සිට මෙම වසරේ මැයි මස 31 වැනිදා දක්වා කාලය තුළ මෙලෙස වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව ඇති බවත් , විශේසඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු රට අතහැර ගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.














































