ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් ඇති වූ බවට වාර්තා වේ.
අද උදෑසන ඇති වූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.4 ක ප්‍රබලත්වයක් සටහන් කර තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.
කෙසේ වෙතත් එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ සුනාමි අවදානමක් නොමැති බවයි.















































