දිවයිනේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක කැමරා මාධ්‍යවේදියකුට තියුණු ආයුධයකින් ඇනීමෙන් සිදු වූ තුවාල සහිතව රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ රැග්ගහවිල පදිංචිව සිටි මුතුගල ආරච්චිගේ මහේෂ් ගුණසිංහ, ( 36), නැමැති දෙදරු පියෙකි.
මියගිය අය කටුවස්ගොඩ,පිහිටි හෝටලයක් සහ රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන නිවසකට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි ද එහි හිමිකාර යුවල විසින් ම තුවාලකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි ද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.














































